Thursday, April 18, 2024

General line - 0115112241

ජානිපෙ ඉවත්වීම බරපතල ගැටළුවක් ලු



ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් පස් දෙනෙකු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීම බරපතල ගැටළුකාරී තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (19) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. 

අදාල කාරනාව සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතාව දැනුවත් කළ බවත් මෙය ජාතික නිදහස් පෙරමුණ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වීමක් නොවන බවත් මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)