Thursday, March 28, 2024

General line - 0115112241

හොරෙන් ගෙන ගිය රත්තරන් රාජසන්තකයි (PHOTOS)




රත‍්‍රං තොගයක් නීති විරෝධීව රටින් පිට කිරීමට උත්සහ කළ බව කියන ඉන්දියානුවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී සොයා ගැණුනු රත‍්‍රං තොගයේ වටිනාකම රුපියල් විසිහත් ලක්ෂ විසිහත් දහසකට අධිකයි.

සැකකරුවන් ඊයේ (19) පස්වරුවේ ඉන්දියාවේ මදුරෙයි බලා යාමට සූදානමින් සිටියා.

සැකකරුවන් ඇප මත මුදා හැරුණු අතර රත‍්‍රං තොගය රාජ සන්තක කර තිබෙනවා.