Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු කොරියානු නවතම මිසයිලය අමෙරිකාව සහ රුසියාව කළඹයි - චීනයත් අත දායි




උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බලන ලද මිසයිලය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී අමෙරිකාව හා රුසියාව අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

පසුගියදා උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ අතර එම අත්හදා බැලීම සම්බන්ධයෙන් එරටට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවට ජාත්‍යන්තරයෙන් බලපෑමක් එල්ල වුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින අමෙරිකා නියෝජිතයා ආරක්ෂක කවුන්සිලයේ අමෙරිකා හිතවත් පාර්ශ්ව සමඟ වෙනමම සාකච්ඡාවක් පවත්වා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බලන ලද්දේ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් යැයි විශේෂඥයෝ මත පළ කළා.  

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව වාර්තා වන අතර ඊට රුසියාව හා චීන පාර්ශ්ව ද මැදිහත්ව තිබෙන බවයි වාර්තා කරන්නේ.