Friday, March 29, 2024

General line - 0115112241

මහින්දගේ ආශිර්වාදයෙන් එන මීළඟ ජනපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධ විපක්ෂය ඉඟි කරයි




ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (19) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් මන්ත‍්‍රීවරයා මෙලෙස කරුණු දැක්වූවා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "රනිල් වික්‍රමසිංහ මහත්තයා 2019 ජනාධිපතිවරයා වෙන්නයි උත්සහ කරන්නේ. මේකට හොඳම සුදුස්සා අපි දානවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පූර්ණ ආශිර්වාදයෙන්.. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ. රනිල් වික්‍රමසිංහට විරුද්ධව නියම පුද්ගලයා තමයි ඔහු. මගේ පෞද්ගලික මතය ගැන මම කතා කළේ.. පාර්ලිමේන්තුවේ බහුතරයකුත් ඉන්නේ..රටේ බහුතරයකුත් ඉන්නේ ඔහුත් එක්කයි." යනුවෙනි.

(අන්ලිමිටඩ් සම්පූර්ණ සාකච්ඡාවට සවන් දීම සඳහා මෙතැනින් යන්න)