Tuesday, April 16, 2024

General line - 0115112241

"චැලි සුදා" අල්ලන්නෙ නැත්නම් රටේම විදුලි වර්ජනයක්!




මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ  විදුලිය විසන්දි කිරීමකට ගිය විදුලි සේවකයින් පිරිසකට පහරදුන් පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක නොවීම සම්බන්ධයෙන්, විදුලි බල මණ්ඩල සේවකයින් අද (20) තම විරෝධතාවය පල කරනවා. 

පහරදුන් පුද්ගලයා අද දින අත්අඩංගුවට ගෙන නීතිය හිරිහැටි ක්‍රියාත්මක නොකරන්නේ නම්, දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව විදුලිය සේවකයින් පවසනවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිව්ස් මුල්ලේරියාව පොලිසියෙන් ද විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ ප‍්‍රියන්ත සිරිනන්ද නොහොත් "චැලි සුදා" නමැත්තෙකු මෙම පහරදීම සිදු කර ඇති බවයි. සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් එම ප‍්‍රකාශකයා ස`දහන් කළා.