Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවේ නව ජනපති තේරීපත්වෙයි!




ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද තේරීපත්ව තිබෙනවා. ඔහු ඉන්දියාවේ 14 වන ජනාධිපතිවරයාය.

71 හැවිරිදි රාම් නාත් කෝවින්ද් වත්මන් පාලක පක්ෂය වන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරමින් පෙරට පැමිණි නායකයෙක් වනවා. 'බිහාර්' ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇති රාම් නාත් කෝවින්ද් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ දෙකක් ජයගෙන තිබෙනවා.

රාම් නාත් කෝවින්ද් වාණිජවේදී උපාධිදරයකු මෙන්ම නිතීඥයකුද වනවා.

ඔහු දාලිත් පුරවැසියකු වීමද විශේෂත්වයක්.