Friday, April 19, 2024

General line - 0115112241

"නෙත් ඩෙංගු චැලෙන්ජ්" අභියෝගය මධ්‍යමින් දකුණට




රටටම තර්ජනයක් වූ ඩෙංගු මර්දනය සඳහා වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ ඇරඹි "නෙත් ඩෙංගු චැලෙන්ජ්" අභියෝගය භාර ගනිමින් මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සංවිධාන කළ ඩෙංගු මර්දන මෙහෙයුම එම පළාත පුරා අද සිදු කෙරුණා. ප‍්‍රජා සහභාගීත්වය සහිත ශ‍්‍රමදාන මගින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ හඳුනාගත් අවදානම් ස්ථාන ධූමායනය කිරීම එහිදී සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 

ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගය, සතර මහා දේවාල ඇතුළු පූජනීය ස්ථාන ද, පොදු වෙළඳපොල, දුම්රිය හා බස් නැවතුම්පොල ඇතුළු පොදු ස්ථාන මෙන්ම සියලූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ජලාශ ආශ‍්‍රිත ප‍්‍රදේශ ද මෙම මෙහෙයුමේ දී ආවරණය කෙරුණා. විධිමත්ව කසල බැහැර කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙස පළාත්පාලන ආයතනවලට කසල රැස් කරන කරත්ත සහ ව්‍යාපාරික ප‍්‍රජාව වෙත කසල බඳුන් බෙදාදීමද මෙහිදී සිදු කෙරුණු ක‍්‍රියාකාරකම් කිහිපයක්. 

නෙත් ඩෙංගු චැලෙන්ජ් අභියෝගය මීළඟට දකුණු පළාත් සභාවට භාරදෙන බවද මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක කියා සිටියා. 

මධ්‍යම පළාත පුරා අද සිදු කෙරුණු ඩෙංගු මර්දන මෙහෙයුමට ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ශිෂ්‍යභට කණ්ඩායම් ඇතුළු පාසල් දරු දැරියන් ද සහභාගී වී සිටියා.