Thursday, April 25, 2024

General line - 0115112241

සීනි සමග කොකේන් ගේන්න සතොසේ කිසිදු සම්බන්ධයක් නැහැ




රත්මාලන ආර්ථික මධ්‍යස්ථානයේ කන්ටේනරයක තිබී සොයාගත් කොකේන් තොගය මෙරටට ගෙන්වීමට සිය ආයතනයේ කිසිදු නිලධාරියෙකු සම්බන්ධ වී නොමැති බව ලංකා සතොස පවසනවා. එහි සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් පැවසුවේ විවෘත ටෙන්ඩර් කැඳවා එම සීනි තොගය සතොස මගින් මිල දී ගෙන ඇති බවයි. 

"ලංකාවේ සීනි සැපයුම්කරුවන් පස් දෙනකු ඉදිරිපත්කර තිබූ ටෙන්ඩර්වලින් අඩුම ටෙන්ඩරය ඉදිරිපත්කර තිබූ සාමාගමෙනුයි අපි සී නි මිලට ගත්තෙ. සිනී තිබූ බහාලුම විවෘත්ත කළ අවස්ථාවෙදි තමයි මෙය දැකල තියෙන්නෙ. ඒ බව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුවයි කොකේන් තොගය පොලිස් භාරයට ගත්තෙ. එතන සතොස නිලධාරීන් සහ අදාල සමාගමේ නියෝජිතයිනුත් සිටියා."

සීනි සැපයුම්කරුවෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔවුන්ගෙන් සීනි තොග මිල දී ගැනීම අත්හිටුවන බවද සතොස සභාපතිවරයා මෙහිදී කියා සිටියා. 

සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප‍්‍රනාන්දු ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පල කළා. 

"අපි රජයට ප්‍රතිඥා දුන්න බ්‍රසීලයෙන් සීනි නොගෙන්වන බවට. ඒ වෙද්දි සීනි බහාලුම් 800ක් පමණ නැව්ගත කරලයි තිබුණෙ. මෙම බහාලුම නොවැම්බර් මාසයේ ගෙනා එකක්. හරි පුදුමයි මෙවා මෙච්චර කාලයක් රේගුව වෙන්දේසි නොකර තිබීමත්"