Friday, April 19, 2024

General line - 0115112241

උමා ඔය උමගේ කාන්දුව වළකන්න පිළියම ගුවනින් එයි!




උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුවට මුද්‍රා තැබීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් අනුර දිසානායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේජියානු විශේෂඥයාගේ මගපෙන්වීම සහ උපදෙස් පරිදි අදාළ කටයුතු ඉකුත් 18 වනදා ආරම්භ කළ බවයි. 

උමං කැණීම් යන්ත‍්‍රයට අලූතෙන් සවි කළ යුතු උපාංග, එම යන්ත‍්‍රය නිෂ්පාදනය කළ ජර්මන් සමාගම විසින් ගුවන් මගින් ශ‍්‍රී ලංකාවට එවීමට ද කටයුතු කර තිබෙනවා. අදාළ උපාංග සවි කර අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම ස`දහා එම සමාගමේ තාක්ෂණ ශිල්පීන් ද මෙරටට පැමිණ ඇති බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ. 

මේ අතර නෝර්වේජියානු විශේෂඥ ඉංජිනේරු උපදේශකයවරයා විසින් ව්‍යාපෘතිය පිළිබඳ සකස් කරන වාර්තාව අගෝස්තු 15 වනදා ශ‍්‍රී ලංකා රජය වෙත භාරදීමට නියමිත බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.