Saturday, April 20, 2024

General line - 0115112241

චන්දිමාල්ගේ වගකීම රංගනට




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ පළමු දිනය අදයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල පළමු ඉණිම සඳහා අද (21) රැස් කර ගත්තේ සියල්ලන් දැවී ලකුණු 187ක් පමණයි. 

දනුෂ්ක ගුණතිලක ලකුණු 74ක් සහ නායක ළහිරු තිරිමාන්න ලකුණු 59ක් රැස් කළා. 

සදුන් වීරක්කොඩි ලකුණු 10ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකියාව ලැබුනේ නැහැ.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදේව් ලකුණු 14කට කඩුලූ 04ක් සහ රවින්ද්‍ර ජඩේඩා ලකුණු 31කට කඩුලූ 03ක් දවා ගැනීමට සමත් වුණා. 

සිය පළමු ඉණිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම දිනය නිමා වන විට කඩුලූ 03ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 135ක්. 

මෙම තරගය කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. 

මේ අතර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා. 

ඒ අනූව එම තරගය සඳහා රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.