Friday, March 29, 2024

General line - 0115112241

රුසියාව සහ චීනය යුද අභ්‍යාසයක




චීනය සහ රුසියාව බෝල්ටික් කලාපයේ නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. 

මේ සඳහා චිනය යුද නෞකා 3ක් එම බෝල්ටික් මුහුදු කලාපයට යොමුකර ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. 

සතියක කාලයක් මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිතයි. 

ප්‍රහාරක ගුවන් යානා සහ නෞකා විනාශ කළ හැකි මිසයිල පද්ධතියකින් සමන්විත නවතම ප්‍රහාරක නෞකා මෙම යුද අභ්‍යාසයට එක්කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

යුද නෞකා සහ ප්‍රහාරක ගුවන් යානා කිහිපයකට අමතරව සබ්මැරින් නාශක අධිවේගී යාත්‍රා 3ක් මෙම යුද අභ්‍යාසයට යෙදවීමට රුසියාව තීරණය කර තිබෙනවා.