Thursday, April 25, 2024

General line - 0115112241

වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් අල්ලන්න ගිය වාහනයේ ඇත්ත හිමිකරු පොලිස්පති




වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ  කැඳවුම්කරු රයන් ජයලත්  අත්අඩංගුවට ගැනීමට  යාමේ සිද්ධියට සම්බන්ධ වාහනය 2010 වසරේ සිට පොලිස්පතිවරයා වෙත ලබාදී තිබූ වාහනයක් බව වාර්තා වනවා.


එය කොළඹ අපරාධ කොට්ඨාශයේ කටයුතු සඳහා ලබාදී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.


CR LOT BH 0015679 අංකය යටතේ මෙම වාහනයට  පොත  නිකුත් කර තිබෙනවා.
මෙහි ආදායම් බලපත්‍ර අංක වන්නේ 13305497 යන්නයි.

එම ආදායම් බලපත්‍රයේ කාලය 2017වසරේ සැප්තැම්බර් 9වන දින අවසන්වීමට නියමිතයි.


රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පොලිසිය එම ස්ථානයට ගියේ  පසුගිය ජුනි මස 21දා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්  කාරයෙන් ඇතුළු වී  එහි දේපළ  වලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ  පැවැත්වෙන නඩුවකට අදාළව බවයි පොලිසිය සඳහන් කරන්නේ.

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට KA 0410 දරණ වෑන් රථයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක‍ෂකවරයා ඇතුළු නිලධාරින් දස දෙනෙකු අදාළ ස්ථානයට ගොස් තිඛෙනවා. 

නිල ඇඳුමින් සැරසුනු සිව් දෙනෙකු සහ සිවිල් ඇඳුමින් සිිටි නිලධාරින් හය දෙනෙකු ඒ අතර සිටි බවයි එම ප්‍රකාශකයා පැවසුවේ. 


සයිටම් විරෝධීන් පිරිසක් ඉකුත්දා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් ලක‍ෂ අටකට අධික පාඩුවක් සිදුවී ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

රයන් ජයලත්ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ඇති බවත් අධිකරණ නියෝග නොතකා  විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් කොල්ලූපිටිය පොලිසිය  මොහුට විරුද්ධව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ බී 3049/16  අදාල නඩුවට  කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන්  වරෙන්තු නිකුක් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.