Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලට එරෙහිව ඉන්දියාව සාර්ථක පිතිහරඹයක

කසුන් කැලුම්




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ අතර පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි (22). 

සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 7 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියා. 

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ රැස් කළ ලකුණු 187 ට පිළිතුරු වශයෙන්.  

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලෝකේෂ් රාහුල් ලකුණු 54 ක් රැස් කළා. 

නායක විරාත් කෝලි ලකුණු 53 ක් සහ රෝහිත් ශර්මා ලකුණු 38 ක් ලබාසිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා. 

තරගය පැවැත්වෙන්නේ කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේදීයි.