Friday, March 29, 2024

General line - 0115112241

පොලිස් පරීක්ෂකවරු 16ක් මාරු කෙරේ




ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හත් දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් නව දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා. 

පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජී. වයි. එස් .කීර්තිසිංහ මාරුකර යවා ඇත්තේ ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙසයි. 

මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඩී. එල්. එන්. රොද්‍රිගෝ කිලිනොච්චිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.