Saturday, April 20, 2024

General line - 0115112241

පරිසර වාර්තාවේ ගැටළු ඇතත් උමාඔය ව්‍යාපෘතිය අඛණ්ඩව

සමන්ත කුමාර




උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කළ පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාව පිළිනොගැනීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් එම ව්‍යාපෘතියේ කටයුතු නතර කිරීමක් සිදු නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. 

එහි සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි පැවසුවේ එම වාර්තාව සකස් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්වත් මණ්ඩලයේ සාමාජිකයන් මාධ්‍ය හමුවකදී අදාළ වාර්තාව පිළිබඳ පරස්පර අදහස් පළ කිරීම හේතුවෙන් ගනු ලැබූ මෙම තීරණය තාවකාලික එකක් වන බවයි.

පවතින තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘතිය පිළිබඳ නැවත සලකා බැලීමක් සිදුනොකළ යුතු දැයි නෙත් නිවුස් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් මෙහිදී ප්‍රශ්ණ කළා.

උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නගෙන්ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළා. 

එහිදී ඔහු කියාසිටියේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එය සකස් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රීයාමාර්ග ගතයුතු බවයි.

2010 වසරේදී ඉදිරිපත් වූ මෙම වාර්තාවේ කරුණු පිළිගත නොහැකි බවට සිය සංවිධානය අවස්ථා ගණනාවකදි පෙන්වා දුන් බවද සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා සදහන් ‍කළා.