Friday, March 29, 2024

General line - 0115112241

විද්‍යා ඝාතන නඩුවේත්  විනිසුරු මණ්ඩලයේ සිටින 'යාපනය මහාධිකරණ විනිසුරුට' වෙඩි තබයි 

හේමන්ත කහවලගේ




යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඔහු ගමන් කළ වාහනය හරස් කර යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් විනිසුරුවරයාට හානියක් සිදුව නැහැ. 

ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිඛෙනවා. 

අද (22)පස්වරු 5 .30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ. 

විනිසුරු එම්. ඉලංචේලියන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ ද සාමාජිකයෙකු වනවා.