Tuesday, April 23, 2024

General line - 0115112241

කසළ ප්‍රශ්නේ විසඳන්න ගෙනා යෝජනා මෙන්න - අවසාන රැඳවුම් ස්ථානය ගැනත් හෙළි කරයි




කසළවලින් විදුලිය නිපදවන බලාගාර තුනක් අගෝස්තු මාසයේ දී බස්නාහිර පළාතේ ආරම්භ කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ,
 
"ජනාධිපතිතුමා මට කතා කරල කිව්වා අපේ කණ්ඩායම් රැස්වීමේදී... අපේ හරීන් ප්‍රනාන්දු ඇමතිතුමත් හිටියා... මේ කසළ ප්‍රශ්නේ විසඳන්න බැරිද කියලා... මං කිව්වා  ඕක තැන් තැන්වල එක එක්කෙනාට දීල හරියන්නෑ.. හරියට වගකීමක් ඇතුව දෙනවා නම් අපි විසඳන්නම් කියලා. අපි හමුදාව දාන්නවත් පොලීසිය දාන්නවත් නෙවෙයි අපි මේ කසල කළමනාකරණය විධිමත් කළා. දවස් තුනෙන් කොළඹ නගරයේ ගොඩගැහිලා තිබුණු සෑම කසළ කන්දක්ම අපි ඉවත් කළා. පත්තරවල රූපවාහිනීවල විනාඩි ගණන් පැය ගණන් පිටු ගණන් කසළ කඳු ගැන දාපු අයට මේ ගැන ලියන්න පුලුවන් වූනේ නෑ. කාටූන් ඇඳපු අයට කොළඹ කුණු අයින් කරපු එක ගැන ලියන්න හිතක් තිබුන් නෑ. මොකද මේ අපිට ලකුණු වැටෙයි කියලා. අපිට නෙවෙයි ඒ ලකුණු වැටුණේ ඩෙංගු රෝගයෙන් මිය යන්න නියමිතව හිටපු දරුවන්ගේ ජීවිතවලටයි.  අපේ ජනතාවගේ සෞඛ්‍යයටයි ඒ ලකුණු වැටුණේ. අද අපි කොළඹ නගරයේ කසළ වෙනදා වගේ ගෙනිහිල්ලා වගුරු බිම්වල ගොඩගහන්නේ නෑ. සමහරු කියනවා ඒ කාලේ හමුදාව දාල මේවා ටොපි කොලයක්වත් වැටෙන් නැති තැනට හදල තිබුණා කියලා. අද අපි ආරක්‍ෂක හමුදාව ඒවාට යොදව ගන්නෑ. ඒවට යොදවා ගන්නේ කොළඹ නගරයේ ඒ ඉන්න ඒ කසළ එකතු කරන සේවකයින් පමණයි. ඒ විතරක් නෙවෙයි ඒ කසළ අපි ගොඩගහන්නෑ. කසළ ටොන් 700 න් 300 ක්ම අද කොම්පෝස්ට් බවට පත්වෙනවා. තව 100 ක් අපි ප්‍රතිචක්‍රීයකරණය කරනවා. ඉදිරි කාලයේදී මේ තත්වය තවත් වැඩිදියුණු කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ලබන මාසයේ අපි ප්‍රධාන වශයෙන් කසලවලින් විදුලිය නිපදවන යෝජනා ක්‍රම 3ක් ආරම්භ කරනවා බස්නාහිර පළාතේ. ඒ වගේම රටේ කසළ ගැටළුව විසඳීම සඳහා අවසාන රැඳවුම් ස්ථානයක් අපි අරුවක්කාලූවේ ඉදිකරන්න කටයුතු කරනවා. මගේ ඉල්ලීම, බොරු විරෝධතා නවත්තලා බෝඩ් ලෑලි දේශපාලනය නවත්තලා අපි ගෙදරින් ආරම්භ කරමු. අපේ ගෙදරින් මේ කසළවලට එරෙහි සටන පටන්ගමු. කසල අවම කරමු.  කසළ ප්‍රතිචක්‍රීයකරණය කරගමු. කසළ සම්පතක් කරගමු. නගර සභාවට ඒ වගේම පලාත් සභාවට සහයෝගය දෙමු. ඒ වෙනුවෙන් කටයුතු කරමු." යනුවෙනි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලක්‍ෂ 300ක වියදමින් සංවර්ධනය කරන ලද ඇල්ල දුම්රිය චතුරශ්‍රය විවෘත කරමින් පැවති උත්සවයකදීය.

2016 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාවට නැංවූවා. මෙම අවස්ථාවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මහ ඇමති චාමර දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා.