Thursday, April 18, 2024

General line - 0115112241

මරණයෙන් ගැලවුණු යාපනය විනිසුරු 'තමන් වෙනුවෙන් දිවි පිදූ නිලධාරියාගේ බිරිඳට' වැඳ දුක පළ කළ සංවේදී වීඩියෝව




තමන් වෙනුවෙන් සිය ජීවිතය දෙවැනි කොට ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියා මරණයට පත්වූ බව ආරංචි වීමෙන් පසු යාපනය මහධිකරණ විනිසුරු දැඩි සංවේගයට පත් වුණා.

එම පොලිස් නිලධාරියාගේ බිරිඳ ඉදිරියේ දී යාපනයේ මහාධිකරණ විනිසුරු මෙලෙස වඩාත් සංවේදී වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. 

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් ඊයේ (22) නල්ලුර් ප්‍රදේශයේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මෙම පොලිස් නිලධාරිය තුවාල ලැබුවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද (23) අලූයම 2.30 ට පමණ අදාළ පොලිස් නිලධාරියා මියගිය බවයි.

වෙඩි ප‍්‍රහාරයෙන් ඔහුගේ උදර ප‍්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුව තිබුණා.

යාපනය, නල්ලූර් ප‍්‍රදේශයේදි ඊයේ සිදුවූ වෙඩි වැදීමෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද උදැසන සිදු කෙරුණා. එහිදී අනාවරණ වී ඇත්තේ උදර ප‍්‍රදේශයට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් සිරුර අභ්‍යන්තරයට රුධිරය වහනයවීම නිසා මරණය සිදුවී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්. ඔහු යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන්ගේ ආරක්‍ෂාව සදහා අනියුක්ත කර තිබුණා.

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි)