Thursday, April 25, 2024

General line - 0115112241

නාමල් රාජපක්ෂ 'රහසේ ජනපති හමුවීමේ පුවත ගැන' පණිවිඩයක් නිකුත් කරයි  




තමන්  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා හමුවූ බවට  ඇති ප්‍රචාරය අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ පවසනවා.

සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු සඳහන් කර ඇත්තේ තමන් ජනපතිවරයා හමුනොවූ බව සහ හමුවීමට අදහසක්ද නොමැති බවයි.


නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු සමගින්  ජනාධිපතිවරයාව  රහසේ හමුවී ඇති බවට වාර්තා පළව තිබූ අතර ඊට පිළිතුරු ලෙස මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර තිබුණා.