Saturday, April 20, 2024

General line - 0115112241

කයිල් මව්බිමට රිදී පදක්කමක් දෙයි (VIDEO)




බහමාස්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක‍්‍රීඩා උළලේදී ශ‍්‍රී ලංකාවට තවත් රිදී පද්කමක් දිනා දීමට කයිල් අබේසිංහ සමත් වුණා.      

ඒ, මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන්.

කයිල් අබේසිංහ දැක්වූ දක්ෂතාව තත්පර 23.38 ක්.

ඔහු මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රිදී පක්කම ද මීට පෙර දිනා ගත්තා. කයිල් අබේසිංහ ඔලිම්පික් වරම් දිනූ මැතිව් අබේසිංහගේ සහෝදරයෙකු ද වනවා.