Thursday, April 25, 2024

General line - 0115112241

මුහුදේ ගසාගෙන ගිය තවත් අලි දෙදෙනෙක් 'අද උදේම ගලවාගත්' නාවික හමුදා මෙහෙයුම (PHOTOS)




නැගෙනහිර නාවික විධානයට අයත්  නාවිකයින් පිරිසක් විසින් අද (23) උදෑසන ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු  බේරා ගෙන තිබෙනවා.

මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවක් මගින් මෙම අලි දෙදෙනා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී ඔවුන්ගේ ද සහය ඇතිව  අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම දියත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රා තුනක්  සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලි දෙදෙනාට උපද්‍රවයක් සිදු නොවන ලෙස මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම දෙසට රැගෙන ඒමට නාවික පුද්ගලයින් කටයුතු කළ අතර, අලි දෙදෙනා කෙවුලියා තුඩුව (ෆවුල් තුඩුව) ප්‍රදේශයට මුදා හැරිමට කටයුතු කෙ‍රුණා.

මේ අයුරින්ම නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජුලි 11 වන දින කොක්කුතුඩුවායි  සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට ද කටයුතු කරනු ලැබුවා