Thursday, April 25, 2024

General line - 0115112241

මව්තුමිය ඩයනා සමග අවසන් වරට කළ 'දුරකතන සංවාදය' පුතුන්ට දැන් කණගාටුවක් ලු  




තම මව වන ඩයනා කුමරිය සමග අවසන් වරට සිදු කෙරුණු දුරකතන සංවාදය හදිස්සියෙන් සිදු කෙරුණු ඉතා කෙටි කතාබහක් වූ බව ඔටුන්න හිමි විලියම් සහ හැරී කුමරුන් පවසනවා. 

ඔවුන් කියා සිටියේ එය සිය ඉදිරි ජීවිත කාලය පුරාම තමන්ව කණගාටුවෙන් තබන සිද්ධියක් බවයි. 

විලියම් සහ හැරී කුමරුන් මෙම අදහස් පළ කර ඇත්තේ සිය මවගේ අභාවයට වසර 20ක් සපිරීම අළලා සකස් කළ රූපවාහිනි වාර්තා චිත්‍රපටයක් සඳහායි. 

සිය මිත්තණිය වන එළිසඛෙත් මහ රැජිණිය සමග ස්කොට්ලන්තයේ ගතකරමින් සිටිය දී ඩයනා කුමරිය සමග අවසන් වරට කතාබහ කළ බවයි විලියම් සහ හැරී කුමරුන් පවසා ඇත්තේ. 

1997 අගෝස්තු 31 වනදා ප්‍රංශයේ පැරිස් නුවර සිදුවූ රිය අනතුරකින් ඩයනා කුමරිය ජීවිතයෙන් සමුගත්තා