Tuesday, April 23, 2024

General line - 0115112241

රාජකාරිය වෙනුවෙන් දිවි දුන් 'පොලිස් සැරයන්ගේ අවසන් ගමනට 'පුර්ණ  ගෞරව (PHOTOS)

පුත්තලම - ජුඩ් සමන්ත




යාපනය නල්ලූර් කෝවිල අසලදී සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගිය හිටපු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ දේහය මේ වනවිට හලාවත - කුමාරකට්ටුවේ පිහිටි ඔහුගේ  නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ (23) රාත්‍රී  දේහය නිවස වෙත ගෙනෙනු ලැබුවා.

මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරී සරත් හේමචන්ද්‍ර දෙදරු පියෙක් වනවා. 

57 හැවිරිදි වියේ පසුවූ ඔහු විවාහ වී සිටින්නේද හිටපු පොලිස් කාන්තාවක් සමගයි.

දේහය පිළිබඳ  අවසන් කටයුතු 26 වැනිදා සවස හලාවත - කුමාරකට්ටුව පොදු සුසාන භූමියේදී පුර්ණ පොලිස් ගෞරව මැද සිදු කිරීමට නියමිතයි.