Thursday, March 28, 2024

General line - 0115112241

අර්ජුන් පාවිච්චි කළ සියල්ල කොමිසමට ගෙනත් දෙයි (UPDATE)




2015 සහ 2016 යන වසරවලදී තමන් විසින් භාවිත කල ජංගම දුරකතනය ඇතුළු ඩිජිටල් සන්නිවේදන උපකරණ අර්ජුන් ඇලෝසියස් විසින් බැඳුම්කර ගනුදෙනුව පිළබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට භාර දී තිබෙනවා.

ඒ, එම කොමිසම කළ නියෝගයකට අනුවයි.

කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අර්ජුන් ඇලෝසියස් අද (24) පෙරවරුවේ සහභාගී වුණා. එහිදි අදාළ නියෝගය නිකුත් කෙරුණා.

ඒ අනුව, අර්ජුන් ඇලෝසියස් භාවිත කළ එම ඩිජිටල් සන්නිවේදන අපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ඇති.  
 
 

------------------------------------------------

අර්ජුන්ගේ ලැප්ටොප් - දුරකතන සියල්ලට අත්වන ඉරණම මෙන්න

(2017 / 07 / 24 13:07)

අර්ජුන් ඇලෝසියස් විසින් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස නියෝග කර තිබෙනවා. 2015 සහ 2016 කාලවලදී භාවිතා කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබෙනවා

මේ වන විට රටේ ආන්දෝලනයට තුඩුදී තිබෙන බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා, බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) දිනයේ ලබාදුන් සාක්ෂි අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම උපකරණ ලබාදෙන ලෙසයි නියෝග කර ඇත්තේ.