Thursday, April 18, 2024

General line - 0115112241

හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාර ගනී




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා තිබෙනවා.

ඒ අනුව වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියාවට එරෙහි තරගාවලියේ ටෙස්ට් තරග සඳහා පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්නව පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හෂාන් තිලකරත්න යනු ක්‍රිකට් තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් පන්දුවට පහදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකි.

මේ අතර එම තරගාවලියේ එක්දින තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධනයි.