Tuesday, April 16, 2024

General line - 0115112241

අතීතය මතක් කරමින් ඇඟිල්ල ආණ්ඩුවට දිගු කරමින් මහින්දගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරියාගේ මරණය සම්බන්ධ විමර්ශන අපක්ෂපාතිව හා කඩිනමින් සිදු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් මේ බව සඳහන් කළා. 

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ "මේ සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධියට මුහුණ දුන් විනිසුරුවරයා සහ අනෙක් පොලිස් නිලධාරිය කියන දේට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් තමයි පොලිස් මූලස්ථානය කියන්නේ. කොළඹින් කියන්නේ.. බීමත් පුද්ගලයෙක් මේ පොලිස් නිලධාරියා ළඟට ගිහින් ගිනිඅවිය උදුරලා අරන් වෙඩි තිබ්බයි කියලා. මේ දෙකේ හරි එක මොකක්ද කියලා දන්නේ නැහැ. කොහොම වුණත් අපිට විනිසුරු කියන එක පිළිගන්නත් ඕනේ..පොලිසිය කියන දේත් සළකා බලන්න ඕනේ. කොහොම වුණත් මේකෙ භයානක තත්ත්වය තමයි පොලිස් නිලධාරියෙකුට වෙඩි තියලා මරණ්න තරම් අද රටේ නීතිය දුර්වල වෙලාද කියලා... රටේ පාලනය දුර්වල වෙලාද කියලා.. කොළඹත් පරීක්ෂණ කරන්න ගිය පොලිස් නිලධාරීන් මැරුණා.. හැබැයි යාපනයේ වෙනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. කොළඹ පාතාලය.. හැබැයි යාපනයේ පාතාලයට වඩා යම් දරුණු දෙයක් සිද්ධවෙමින් පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ආරම්භ කරන්න කලින් මේ වගේ සිදුවීම් තමයි වුණේ. ඉතින් රජය මේ වෙලාවේ මීට වඩා ගැඹුරට මේ ගැන හිතන්න ඕනේ." යනුවෙනි.