Thursday, April 25, 2024

General line - 0115112241

අද මධ්‍යම රැයේ සිට තෙල් වර්ජනයේ




ඛණිජ තෙල් වෘත්තිය සමිති අද (24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහුන් පෙන්වා දෙන්නේ ඉල්ලීම් කිහිපයක් සඳහා බලධාරීන්ගෙන් සාධාරණ විසඳුම් නොලැබීම නිසා මෙම පියවර ගන්නා බවයි.

තෙල් ටැංකි විකුණා දැමීම නවතා දමන ලෙස ඉල්ලීම් කළද ඊට ප්‍රතිචාර නොදක්වන නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ. 

වර්ජන කාලය තුළ තෙල් බෙදා හැරීම සිදු නොකරන අතර හෙට (25) දිනයේදී විසඳුම් නොලැබුණ හොත් තෙල් ගොඩ බෑමද නවතා දමන බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.