Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති බෝසෙත විහාරස්ථානයේදී




බොරැල්ල, බෝසෙත විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ වෙහෙර වහන්සේ සහිත විහාර සංකීර්ණය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ පැවැත්වුණා.

සමරු ඵලකය නිරාවරණය කර වෙහෙර වහන්සේ සහිත විහාර සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි ධාතු මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

විහාරාධිපති පූජ්‍ය පයින්ඩිකුලමේ ධම්ම සෝබන හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී ආගමික වතාවත් සිදුකොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, ජයන්ත සිල්වා, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.