Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම් හල් අසළ පෝළිම් කිලෝමීටර් ගණන් දිගු වෙයි (VIDEO)




ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට පැවැසීමත් සමග දිවයින පුරා ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝළිම් ඇති වී තිබෙනවා.

විශේෂයෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙම දිගු පෝළිම් දැක ගත හැකි බවයි nethnews.lk වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.

කොළඹ නගරයේ ඇතැම් ඉන්ධන හල් අසළ කිලෝමීටරයකට වැඩි දිගු වාහන පෝළිම් දැකිය හැකියි.

අනපේක්ෂිත අවස්ථාවකදී ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ස්ථානවලදී ඉන්ධන පෝළිම්වල රැඳී සිටින පිරිස් උණුසුම්කාරී ලෙස හැසිරෙන ආකාරයද nethnews.lk වෙත නිරීක්ෂණය වුණා. ඒ තිබෙන පෝළිම්වලට අමතරව වෙනත් පෝළිම් ඇතිකර ගැනීම් සම්බන්ධයෙන්.

(ඉන්ධන පිරවුම් හල් අසළ ඇති දිගු පෝළිම් පහත වීඩියෝවෙන් දැක්වෙයි)