Friday, March 29, 2024

General line - 0115112241

නල්ලුර් වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්




යාපනය, නල්ලුර් ප්‍රදේශයේදී ඉකුත්දා සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතාට උසස්වීමක් ලබාදි තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ උප පොලිස් පරීක්ෂක ධුරයට ඔහුව උසස් කර ඇති බවයි. පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම පිරිනමා තිබෙනවා.