Thursday, March 28, 2024

General line - 0115112241

පුද්ගලයෙකු පැහැරගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට




පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් මිරිහාන පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකයට අනියුක්ත නිලධාරීන් බවයි වාර්තා වන්නේ. 

ඉකුත් 24 වනදා බොරැල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී රුපියල් විසි දහසක මුදලක් කොල්ලකා පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා. 

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පැහැරගත් පුද්ගලයා මුදාහැරීමට ඔවුන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක්ද ඉල්ලා ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා තිස් එක් හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.

සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.