Saturday, April 20, 2024

General line - 0115112241

පොදුරද මඩුළු යොවුන් තරග බිමේදී ශ්‍රී ලංකාවට හිමි වූ තැන මෙන්න




බහමාස් හි පැවති 6 වන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී රටවල් 64ක් අතරින් 23 වන ස්ථානය දිනා ගැනීමට  ශ්‍රී  ලංකාව සමත් වුණා. 

ක්‍රීඩා උළෙල ඊයේ (24) නිමාවට පත් වූ අතර සමස්ත ශූරතාව දිනා ගත්තේ රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 12ක් දිනා ගත් එංගලන්තයයි.  

ශ්‍රී ලංකාව මෙවර තරග ඉසව් 6ක් සඳහා එක් වූ අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගි වුණා. 

ශ්‍රී ලංකාව මෙහිදී රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ අතර ඊට හිමිකම් කීවේ පිහිණුම් ක්‍රීඩක කයිල් අබේසිංහයි. 

මීටර් 50 නිදහස් ආර සහ මීටර් 100 නිදහස් ආර පිහිණුම් ඉසව්වලින් ඔහු ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දිනා දුන්නා. 

ශ්‍රී ලංකාව ඉකුත් 2015 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් වුණා. 

7 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල 2021 වසරේදී අයර්ලන්තයේදී පැවැත්වීමට නියමිතයි.