Thursday, April 25, 2024

General line - 0115112241

සයිටම් විරෝධී ජන රැළිය ඇරඹෙයි (PHOTOS)




මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පල කරමින් විශ්ව විද්‍යාල සිසුන් සහ සිවිල් සංවිධාන එක්ව පවත්වන ජන පවුර රැළිය මේ වනවිට විහාරමහාදේවී උද්‍යානයේ දී පැවැත්වෙනවා.

ඔවුන් විහාරමහාදේවී උද්‍යානයට පැමිණියේ විරෝධතා පා ගමනකින්.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල දෙස සිට ලිප්ටන් වටරවුමෙන් ටවුන්හෝල් හරහා විහාරමහා දේවී උද්‍යානය දක්වා මාර්ගයේ රථ වාහන තදබදයක් හට ගැණුනා.

මීට අමතරව නෙළුම්පොකුණ දෙස සිට 138 මාර්ගය ඔස්සේ විහාරමහා දේවී උද්‍යානය දෙසට පිවිසෙන මාර්ගයේ ද වාහන ගමනාගමනට බාධා එල්ල වුණා.