Saturday, April 20, 2024

General line - 0115112241

හෙට තරගයට ඇති සූදානම ගැන රංගන පැහැදිළි කරයි




ඉන්දියාව සමග හෙට (26) ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව කණ්ඩායමේ නායක රංගන හේරත් පවසනවා.

විශේෂයෙන් ඉන්දීය පිතිකරුවන්ට එරෙහි ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කෙරුණා.

ඒ ගාල්ලේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

ශ‍්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී හෙට ආරම්භ වනවා.

දෙරට අතර මේ දක්වා පැවති තරග 38 කින් 17ක්ම ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි.

ශ‍්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 07ක් පමණයි.