Thursday, April 25, 2024

General line - 0115112241

ලොව පෙරමුණේ සිටින තිදෙනාම අද ගාලු පිටියට එන හැටි




ලොව පෙරමුණේම සිටින ටෙස්‌ට්‌ පන්දු යවන්නන් තිදෙනාම සහභාගිවන ටෙස්ට් තරගයශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර  අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ලෝක ටෙස්‌ට්‌ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ මුල් තැන  ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ද දෙවැනි තැන රංගන හේරත් ද තෙවන තැන රවීචන්ද්‍රන් අශ්වින් ද පසුවනවා.

දෙරට අතර ටෙස්‌ට්‌ තරග  38 කදී ජයග්‍රහණ 16 ක්‌   ඉන්දියානුවන් ලබා ඇති අතර 1985 දී ශ්‍රී ලංකා පිල ඉන්දියාවට එරෙහිව පළමු ටෙස්‌ට්‌ ජය පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ලබා ගත්තා.

2008 දී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල අනිල් කුම්බ්ලේගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලි ජයක්‌ ලැබීමෙන් පසු  ඉන්දියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලියක්‌ ජය ගැනීමට ශ්‍රී ලංකාව මේවන විටත් අසමත්ව තිබෙනවා.