Friday, April 26, 2024

General line - 0115112241

රහසේ කළ මෙහෙයුමකින් සොයා ගත් අධික වටිනාකමකින් යුත් පුරාවස්තු (PHOTOS)




නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දුෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරින් එක්ව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගත්තා.

මෙම භාණ්ඩ තොගය විකිණිමට සුදානම් කර තිබියදී වැටලීම සිදු කර තිබෙනවා.

ඒ අනුව දේව ප්‍රතිමා 02ක්, හංස යුවල් 01ක්, සිංහ මුද්‍රාවන් 02ක් සොයා ගැනිමට හැකි වු අතර, ඒවා අධික වටිනාකමකින් යුක්ත බවටයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ.

තවද, මෙම භාණ්ඩ සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයින් හංවැල්ල, මිගමුව, වටිනපහ සහ මත්තමගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වනවා.