Thursday, April 25, 2024

General line - 0115112241

අසේලට තුවාලයි - ගාල්ලෙන් කොළඹට (UPDATE)




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (26)  ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේදී තුවාල ලැබූ අසේල ගුණරත්න මේවනවිට ප්‍රතිකාර සඳහා කොළඹ ගෙනෙමින් සිටින බව වාර්තා වනවා.

ඔහු දිවා ආහාරයට පෙර දෙවන ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටියදී ධවාන්  ලබාදුන්  පන්දුවක් රැකීමට ගොස් මෙලෙස තුවාල ලැබුවා.

 

..............................................

පළමු සටනේ කාසියේ වාසිය ඉන්දියාව දිනයි

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඉන්දියානු කණ්ඩායම තිරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

තරඟ 3 කින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඉන්දියා ටෙස්ට් තරගාවලියේ මෙම තරඟයයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ රංගන හේරත්ටයි.

විරාත් කෝලි ඉන්දීය කණ්ඩායම මෙහෙයවනවා.