Saturday, April 20, 2024

General line - 0115112241

OPPO තාරුණ්‍යයේ සතුට සහ සිසු එකමුතූව පුබුදුවමින් FAMIGO Chapter #7 සහ Mini Vibes මෙවරත්




තාරුණ්‍යයේ සතුට, සැහැල්ලුව හා මිත‍්‍රත්වයට පණපොවමින් 'Selfie Expert' ලෙස ජනප්‍රියත්වයට පත් OPPO ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද FAMIGO Chapter #7 සඳහා ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකත්වය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ජූලි 09 වැනි දින එම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී දවස පුරා පැවති මෙම උත්සවයට සිසු සිසුවියෝ විශාල පිරිසක් සහභාගී වුණා.

මෙම වැඩසටහන තුළ හොඳම Selfie ඡායාරූපය තේරීම ඇතුළු විනෝදාස්වාද ඉසව් රාශියක් සංවිධානය කර තිබුණා.

එහිදී ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට OPPO වෙතින් වටිනා ත්‍යාගද පිරිනමා තිබෙනවා.

ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ශාන් මෙම වැඩසටහනේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වුණා.

මෙහිදී OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ටොම් සූ (Tom Zou) අදහස් දක්වමින් සඳහන් කළේ ‘‘රටේ අනාගතය සහ බලාපොරොත්තුව වන්නේ තරුණ පරපුර බව OPPO දැඩි සේ විශ්වාස කරන අතර නිර්මාණශීලීත්වය පුබුදුවන නව තාක්ෂණයේ වැදගත්කම අවධාරණය කරන සන්නාමයක් ලෙස, අපගේ ඉලක්ක වලට සමාන ඉලක්ක පෙරදැරිව සංවිධානය කරන ලද මෙවැනි වැඩසටහනක් සමග සම්බන්ධ වීමට ලැබීම අපට විශාල සතුටක්.” යනුවෙනි. 

‘Dare to be Different’ යන ආදර්ශ පාඨය අනුව යමින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ අධ්‍යයනාංශය වසරකට සුවිශේෂී උත්සව හා වැඩසටහන් 17 ක් පමණ සංවිධානය කරනවා. නුදුරු අනාගතයේදී එම විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත 'Mini Vibes' වැඩසටහන සඳහා අනුග‍්‍රහය ලබාදීමටද OPPO සූදානමින් සිටිනවා. 5 වන වරටත් පැවැත්වෙන මෙම වැඩසටහන නර්තන තරගාවලියක් වන අතර එය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයට අලුතින් එක්වන සිසු සිසුවියන් පිළිගැනීමේ වැඩසටහනක්ද වනවා.