Saturday, April 20, 2024

General line - 0115112241

අගමැති එනතුරු  'තරුණ තරුණියන් '   හෙට බලා සිටී 




තරුණ සේවා සභාවේ නිර්මාතෘ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක පාර්ලිමේන්තු ජීවිතය හෙට (27) දිනයේ සැමරීම සඳහා මහරගම තරුණසේවා සභාව අද මධ්‍යම රාත්‍රී වනවිට සුදානමින් සිටියා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සඳහන් කළේ ගෙවී ගිය හතලිස් වසර සහ අනාගත දැක්ම පිළිබඳව මෙම වැඩසටහන් මාලාවේදී අරමුණු කරගත් බවයි.

මීට සමගාමීව විශේෂ ප්‍රදර්ශනයක් ද ජුලි මස 28,29 සහ 30 යන දිනවල පැවැත්වෙනවා.

සෑම දිනයකදීම රාත්‍රියේදී තරුණ සේවා සභා පරිශ්‍රයේ  දී සංගීත සංදර්ශන පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.

මේ සඳහා සුදානම් වන ඡායාරූප පහතින් දැක්වෙනවා.