Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියාව ලකුණු 503 ක් කරා යයි (UPDATE)




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ අද (27) පැවැත්වෙන දෙවන දිනයේ තරගයේ දිවා විවේකය සඳහා තරගය නරත කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 503ක් ලබා ගෙන සිටිනවා.

ඒ අනුව ඔවුන් ප්‍රබල ඉලක්කයක් කරා ගමන් කරමින් ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. 

-----------------------------

පළමු තරගයේ දෙවන දිනය අද

(2017 / 07 / 27 07:57)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ (26) තරගය නතර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 399 ක් ලබා ගනිමින් ප‍්‍රබල ස්ථානයක පසු වුණා.