Friday, April 19, 2024

General line - 0115112241

උඩවලව ජාතික වනෝද්‍යානයේ වංචාව හංගලා

නිශාන් ද සිල්වා




උඩවලව ජාතික වනෝද්‍යානයේ ප‍්‍රවේශපත‍්‍ර වංචාව සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණය යට ගැසීමේ උත්සහයක් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

පරීක්ෂණයේ වාර්තාව පරීක්ෂණය සිදු කළ කමිටුවේම සාමාජිකයෙකු විසින් වෙනස් කර ඇති බවයි ඒ පිළිබද කළ සොයා බැලීමක දී හෙළි වුණේ.

අදාළ වංචාවට වන ජීවි දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සම්බන්ධ බව මුල් වාර්තාවේ සඳහන්ව තිබෙනවා. පසුව එය වෙනස් කර ඇත්තේ මෙම වංචාවේ වගකීම උඩවලව ජාතික වනෝද්‍යානයේ සාමාන්‍ය සේවකයින් දෙදෙනෙකුට පමණක් පවරමින්. 

උඩවලව වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන් සඳහා ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරන්නේ ප‍්‍රධාන කාණ්ඩ දෙකක් යටතේයි. ඒ විදේශිකයින් සඳහා රුපියල් තුන්දහසක ප‍්‍රවේශ පත‍්‍රයක් සහ දේශීය සංචාරකයින් සඳහා රුපියල් හැටක ප‍්‍රවේශ පත‍්‍රයක් වශයෙන්.

විදේශිකයින් සඳහා නිකුත් කරන ප‍්‍රවේශ පත‍්‍ර දේශීය සංචාරකයින් සඳහා නිකුත් කළ ප‍්‍රවේශ පත‍්‍ර ලෙස පරිගණක පද්ධතියේ කූඨ ලෙස ඇතුළත් කර අදාළ වංචාව සිදු කර තිබෙනවා.