Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාව හයසියයෙන් ඉනිම නිමකරයි!




ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ඉන්දීය පළමු ඉණිම ලකුණු 600කට අද (27) සීමා වුණා.

ශිකර් ධවාන් ලකුණු 190ක් සහ චෙටිස්වර් පුජාරා ලකුණු 153ක් රැස් කරමින් ඉන්දීය පළමු ඉණිම සවිමත් කළා. මංගල ටෙස්ට් වරම් දිනු හර්දින් පාන්ඩියා ලකුණු 50යි.

සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ නුවන් ප‍්‍රදීප් ලකුණු 132කට කඩුලු 06ක් දවා ගත්තා. ලහිරු කුමාර ලකුණු 131කට බිඳ හෙළු කඩුලූ සංඛ්‍යාව 03ක්. 

සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වනවිට කඩුලූ 05ක් දැවී ලකුණු 154ක් ලබා සිටියා. 

උපුල් තරංග ලකුණු 64ක් ලබා සිටියදී දුවද්දී දැවි ගියා. දිමුත් කරුණාරත්න ලකුණු 02කටත්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 16කටත් දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල රැස් කළේ ලකුණු 08ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 06ක් රැුස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. ගාල්ල ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය හෙටයි.