Thursday, April 25, 2024

General line - 0115112241

රජයේ ප‍්‍රතිපත්තිවලට අභියෝග කිරීමට වෘත්තීය සමිතිවලට බැහැ




රජයේ ප‍්‍රතිපත්තිවලට අභියෝග කිරීමට වෘත්තීය සමිතිවලට නොහැකි බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. ඛණිජ තෙල් සේවකයින් ඉකුත්දා ආරම්භ කළ වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කළා. 

“වෘත්තීය සමිතිවලට රජයේ ප්‍රතිපත්ති විවේචනය කළ හැකි වුවද, වෘත්තීය අයිතිවාසිකම් නොවන ඉල්ලීම් සඳහා රට අකර්මන්‍යවන ආකාරයේ වර්ජන ව්‍යාපාරයකට එන්න බැහැ. ඒක වැරදියි.“

ඛණිජ තෙල් සේවකයින්ට සිදු වූ පහරදීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා. 

“මට මතකයි එක වතාවක් ඉස්පිරිතාලෙ ලඟ පාර හරස් කරගෙන පාර මැද ළමයි බත් කන්න පටන් ගත්ත. මිනිස්සු ඇවිල්ල ගැහුව ඒ වෙලාවේ. එහෙමත් යෙි මේ විදියට ගියොත්“

මේ අතර එක්සත් ජාතික පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද මෙම පහරදීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු නලින් බණ්ඩාර. 

“කොළොන්නාව පැත්තෙ මිනිස්සු කැති පොළු අරගෙන එනව දැක්ක. ඒ මිනිස්සු එදිනෙදා වක්‍ර රැකියා කරමින් ජීවත්වෙන මිනිස්සු. මේ වර්ජනය ගැන ඒ මිනිස්සුන්ට සාධාරණ වේදනාවක් ඇති.“

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන ගිවිසුම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. 

“අපි ගිවිසුම අත්සන් කරනව. අවුරුදු 99 කට. සමාගම් දෙකක් මේ ආයෝජන කයුත්තෙදි බිහි වෙනව සමාගම් ‍දෙකෙන්ම 30.45 අපිට අයිතියි. 69.55ක් චීනයට අයිති වෙනව.“