Friday, March 29, 2024

General line - 0115112241

තෙල් සේවක වර්ජනය මැතිසබේ රත් කරයි




ඛනිජ තෙල් සේවක වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ පෙන්වා දුන්නේ සේවකයන්ට පහරදීමක් සිදුව ඇති බවයි. එහෙත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළා.

“වර්ජනයේ නිරතවුණ සේවකයින්ට මැරයින්දාල පහරදෙනව කියන සිද්ධිය අපි අගමැතිතුමාගෙ අවධානයටත් යොමුකළා. හැබැයි එතුම කියන්නෙ එහෙම දෙයක් වෙලා නැහැ කියලයි. අපි රූපවාහිනී වල දැක්ක කුඩු කාරයෝ දාල පහර දෙන හැටි වෘත්තිය සමිති නායකයින්ට. මරික්කාර්ගෙ මැරයෝ“ 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර්ද විවාදයට එක්වුණා.

“ගං වතුර ආවත් මාව අල්ලගන්නෙ, කුණුකන්ද නාය ගියත් මං අල්ලගන්නෙ. පෙට්‍රෝලියම් එක ස්ට්‍රයික් කළත් මාව අල්ලගන්නෙ. හැබැයි 27000ට ආධාර අරන්දුන්න එක ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ. වරායට අයිති ප්‍රශ්නයකය මොකටද තෙල් සංස්ථාව වර්ජනය කරන්නෙ. බවුසර් වල හුළං ඇරල, වෑල් මාරු කරල, දේශප්‍රේමීන්ද මේව කරන්නෙ.“ 

ජාතික සම්පත් විකුණා දමන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමග පෙරට එනබව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් කියාසිටියා.

විවාදයට එක්වූ ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග කියාසිටියේ තමන් අමාත්‍යවරයාව සිටින තාක් ජනතාවට අහිතකර කිසිදු තීරණයක් නොගන්නා බවයි.

“මම අමාත්‍යවරයා වුණාට පස්සේ මේ ඒකාබද්ඹ වෘත්තීය සමිති එක්ක කතා කළා. ඒ සාකච්ඡා සාර්ථක වුණා. හම්බන්තොට වරායෙ තෙල් ටැංකි අයිති වරායට. ඒව ඉල්ලගන්න ක්‍රමයක් තියෙනව. මම ඒව මේ අයට පැහැදිළි කළා“