Thursday, March 28, 2024

General line - 0115112241

මෛත්‍රී මහින්ද හමුවකට යෝජනාවක්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවකට එළඹෙන්නේ නම් එය ඉතා යහපත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ බේදීම් හේතුවෙන් සිදු වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වීම පමණක් බවයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීයි.