Tuesday, April 16, 2024

General line - 0115112241

අනියම් බිරියගේ හිසට විෂ එන්නත් කර මැරූ තැනැත්තාට දඬුවම් නියම වෙයි




විෂ ද්‍රව්‍යයක් එන්නත් කර සිය අනියම් බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට කෑගල්ල පළාත්බද මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. 2006 වසරේ මාර්තු මස 11 වන දින හෝ ඊට ආසන්න දිනක දී විත්තිකරු විසින් තම අනියම් බිරිඳගේ හිසට විෂ එන්නත් කර ඇය මරණයට පත් කිරීමට අදාළව මෙම නඩුව ගොනු කර තිබුණා.

එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ විත්තිකරුට මරණ දඬුවම නියම කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙලෙස දඬුවම් නියම වූයේ කෑගල්ල මොලගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.