Saturday, April 20, 2024

General line - 0115112241

කොට්ඨාස 41ක් ඩෙංගු අවධානමේ! සතියකට රෝගීන් 8000ක්




සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41ක් තවදුරටත් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල පැවසුවේ 
මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් අටදහසක් පමණ වාර්තා වන බවයි.

මේ දක්වා වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ පන්දහසක්. ඩෙංගු මරණ 300ක් වාර්තා වී ඇති බවද විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල කියා සිටියා. ඩෙංගු රෝගීන් අතරින් 35%ක් වයස අවුරුදු 05ත්, 20ත් අතරේ පසුවන්නන්.

මියගිය රෝගීන් අතරින් සියයට 65ක්ම අවුරුදු 45ට ආසන්න වයසේ පසුවන්නන් බවද ඇය කියා සිටියා. 
ඩෙංගු රෝගියෙකු හඳුනාගත් පසු ඒ අවට ප‍්‍රදේශය දින 02ක් ඇතුළත දූමායනය කිරීම වැදගත් බවයි විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී සඳහන් කළේ.  

ඩෙංගු රෝගය පිළිබඳ කොළඹ පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.