Tuesday, April 16, 2024

General line - 0115112241

ගිලා බැස්මක් නිසා බණ්ඩාරවෙල ගමක්ම ඊයේ මහ රෑ ඉවත් කරයි (PHOTOS)

සමන් පාලිත නානායක්කාර




බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ ඇති වූ ගිලා බැසීමක් හේතුවෙන් පවුල් 150ක් ඉවත් කෙරුණා. ප‍්‍රදේශයට ඇද හැළුණු වර්ෂාවත් සමග මෙම තත්වය හට ගැණුනා.

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය ඉදිකිරීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ නිවාස රැසක් මේවනවිටත් ඉරිතැලීමට ලක්ව තිබෙනවා. මෙම උමග කැනීමෙන් පසු පොළොවේ ඇතිවූ ඉරි තැලීම් වලින් සහ නිවාස තුළ ජලය කාන්දු වීමත් සමග ජනතාව ආක්ෂිත ස්ථාන කෙරෙහි යොමු කළ බවයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය බවසන්නේ.

ඇතිවූ මෙම තත්වය හේතුවෙන් ඊයේ (27)  කොළඹ බදුල්ල මාර්ගය හරස්කරමින් ජනතාව විරෝධතාවයක්ද පැවැත්වූ අතර අද සාකච්චාවක් ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු වීමත් සමග එය අවසන් කර තිබෙනවා.

ඉවත් කෙරුණු පවුල්වල සාමාජිකයින් මේ වනවිට බණ්ඩාරවෙල බිඳුණුවැව යොවුන් සේනාංක පරිශ‍්‍රයේ තාවකාලිකව රඳවා සිටිනවා.