Saturday, April 20, 2024

General line - 0115112241

වැලිකඩ OIC හොඳටම ගැහුවා




වර්ජනයේ නිරත සිය සේවකයින්ට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා තදබල ලෙස පහරදුන් බවට ඛණිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කරනවා. තමන්ට ද එලෙස පහරදුන් බවයි එම සංගමයේ සභාපති අශෝක රන්වල ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ. 

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබුවහොත් සියලූ වෘත්තීය සමිති එක්කර ගනිමින් දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි ඔහු පැවසුවේ. ඛණිජ තෙල් සේවකයින්ට එල්ල වූ මැර ප‍්‍රහාරය පිටුපස පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් සිටින බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල වැඩිදුරටත් කියා සිටියා. 

කෙසේ වෙතත් සිය වැඩ වර්ජනය ඉතා සාර්ථක බවයි ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඞී ජේ රාජකරුණා සඳහන් කළේ.