Friday, March 29, 2024

General line - 0115112241

බිල් ගේට්ස් පරදා ජෙෆ් බේසෝස් අංක එකට




මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණීමට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස් සමත් වී තිබෙනවා.

ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ මුළු වත්කම් ප‍්‍රමාණය සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් ප‍්‍රමාණය බිලියන 91යි දශම හතරක් ලෙසයි. ඇමර්සන් සමාගමේ කොටස් මිල ඉකුත් දා ඉහළයාමත් සමග ජෙෆ් බේසෝස්ගේ වත්කම බිල් ගේට්ස්ට වඩා ඩොලර් බිලියන එකයි දශම හතරකින් ඉහළ ගියා.